නවකයෙකුට අවස්තාව දෙමින් සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයාද විස්සයි විස්ස පිටියට සමුදෙයි.. -
Uncategorized

නවකයෙකුට අවස්තාව දෙමින් සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයාද විස්සයි විස්ස පිටියට සමුදෙයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරයන් ලෙස අභිශේක ලැබීමට රොහිට් ශර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා.

මෙම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ලොව බිහිවූ විශිෂ්ටතම විස්සයි විස්ස ජාත්‍යන්තර පිතිකරුවන් දෙපළ වූ විරාත් කෝලි සහ රොහිට් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීම නිවේදනය කළා.

එලෙසම ලෝක කුසලානය ජයග්‍රහණය කළ දවසක් යාමටද මත්තෙන් ඉන්දියාව බිහිකළ තවත් සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ රවීන්ද්‍ර ජඩේජා ද ජාත්‍යන්තර විස්සයි ව්ස්ස පිටියට සමුදීම නිවේදනය කළා.

ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙක් සිය සමුදීම නිවේදනය කර තිබීම විශේශත්වයක්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button