සිය කරමතින් ලෝක කුසලානයක් දිනාදෙමින් රොහිට් සහ කෝලි විස්සයි විස්ස පිටියට සමුදෙයි.. -
News

සිය කරමතින් ලෝක කුසලානයක් දිනාදෙමින් රොහිට් සහ කෝලි විස්සයි විස්ස පිටියට සමුදෙයි..

අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකාවට අවාසනාවන්ත පරාජයක් අත්කරදෙමින් විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස අභිශේක ලැබීමට රොහිට් ශර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

මෙම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව බිහිකළ විශිෂ්ටතම විස්සයි විස්ස පිතිකරුවන් දෙපළ වූ රොහිට් ශර්මා සහ විරාත් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සිය සමුදීම ප්‍රකාශ කළා.

අවසන් මහා තරඟයේ වීරයා ලෙසින් විරාත් කෝලි සම්මාන හිමිකරගත් අවස්තාවේ කෝලි සිය සමූදීම ප්‍රකාශ කළ අතර තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක රොහිට් ශර්මාද සිය සමුගැනීම ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩාවේ මෙන්ම ජාත්‍යන්තර විස්ස විස්ස පිටියේද එක් යුගයක නිමාව එලෙසින් සනිටුහන් වුණා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉහළම ලකුණුලාභීන් දෙදෙනා ලෙසින් ඔවුන් සමුගන්නා විට රොහිට් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 4231 කට හිමිකම් කියූ අතර විරාත් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 4188 කට හිමිකම් කීවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button