ජාත්‍යන්තර පිටියට සමුදෙන වේගපන්දු විශිෂ්ටයා එංගලන්ත පුහුණුකරු මඩුල්ලට.. -
All News

ජාත්‍යන්තර පිටියට සමුදෙන වේගපන්දු විශිෂ්ටයා එංගලන්ත පුහුණුකරු මඩුල්ලට..

එදාමෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේගපන්දුයවන්නා වන එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ ලෝර්ඩ්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව තිබෙනවා.

සමුගැනීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙසින් ජෙම්ස් ඇන්ඩර්සන්ව රඳවාගැනීමට නියමිත බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂක Rob Key මහතා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයෙකු ලෙසින් ජාත්‍යන්තර පිටියට සමුදීමෙන් පසු ජෙම්ස් ඇන්ඩර්සන් පුහුණුකරුවෙකු ලෙසින් ඔහුගේ ක්‍රිකට් දිවියේ දෙවන අදියර ආරම්භ කරනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button