නුවරට එරෙහිව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.. -
LeagueLPL

නුවරට එරෙහිව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්..

( වීඩියෝ පහතින් ) මෙවර LPL තරඟාවලියේ තෙවන තරඟය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර අද (02) පැවැත්වුණු අතර ලකුණු 51 ක ජයක් වාර්තාකරමින් තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 198 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සදීර සමරවික්‍රම පන්දු 26 කින් වේගවත් ලකුණු 48 වාර්තා කළා. ඊට අමතරව මොහොමඩ් වසීම් ලකුණු 32 ක් සහ නායක තිසර පෙරේරා ලකුණු 38 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 147 ක් පමණයි. කැන්ඩි ඉනිමේ අවසන් කඩුලු 06 ලකුණු 07 ක් තුළ බිඳවැටුණු අතර වනිඳු හසරංග, අඟා සල්මාන් සහ පවන් රත්නායකගේ කඩුලු පිළිවෙලින් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශඩාබ් ඛාන් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි ) මෙම කඩුලු ත්‍රිත්වයත් සමඟින් ශඩාබ් ඛාන් වාර්තා අතරට එක්වුණේ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන පන්දුයවන්නා ලෙසයි. ශඩාබ් ඛාන්ට නොදෙවෙනි විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ දිනේශ් චන්දිමාල් පන්දු 26 කින් ලකුණු 38 ක් රැස්කළ අතර චාමික කරුණාරත්නගේ පන්දුවාරයකට පිට පිට හතරේ පහර පහක් එල්ලකිරීමට චන්දිමාල් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

චාමික කරුණාරත්නට එරෙහිව චන්දිමාල් පිට පිට එල්ලකළ හතරේ පහරවල් පහ ( වීඩියෝ දර්ශණ )

ශඩාබ් ඛාන් ලබාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button