කොළඹ පරදා ගාල්ලට තියුණු ජයක්.. -
LeagueLPL

කොළඹ පරදා ගාල්ලට තියුණු ජයක්..

මෙවර LPL තරඟාවලියේ 05 ස් වන තරඟය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර ඊයේ (03) පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 07 ක ජයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ පිට පිට සිය දෙවන ජයත් වාර්තා කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් රැස්කළ අතර ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායක නිරෝශන් දික්වැල්ල පන්දු 18 කින් වේගවත් අර්ධ ශතකයක් රැස්කළා. ඉන් අනතුරුව විටෙක ගාල්ල කණ්ඩායම ලකුණු 94 කට කඩුලු 06 ක් දැවී අසීරු තත්ත්වයක පසුවූ අතර සහන් ආර්ච්චිගේ සමඟින් එක්වූ ඉසුරු උදාන බිඳවැටුණු ඉනිම ගොඩනැඟීමට සමත්වුණා. සටන්කාමී ඉනිමක් දියත්කළ ඉසුරු උදාන පන්දු 34 කින් ලකුණු 52 ක් රැස්කළා. පන්දුයැවීමේදී කලම්බු කණ්ඩායම වෙනුවෙන් නැවතත් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ශඩාබ් ඛාන් ලකුණු 21 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කලම්බු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 172 ක් පමණයි. ඒ අනුව ගාල්ල කණ්ඩායමට ලකුණු 07 ක තියුණු ජයක් හිමිවුණා. කලම්බු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට ප්‍රභල උත්සහයක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 26 කින් ලකුණු 45 ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් ගාල්ල කණ්ඩායමේ ඉසුරු උදාන සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button