සූර්යකුමාර් රැකගත් උඩපන්දුව හයේ පහරක් නෙමේ. වීඩියෝවක් එළියට.. -
Video

සූර්යකුමාර් රැකගත් උඩපන්දුව හයේ පහරක් නෙමේ. වීඩියෝවක් එළියට..

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම පරදා ලකුණු 7ක තියුණු ජයක් වාර්තාකර ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ අවසන් පන්දුවාරයේදී සූර්යකුමාර් රැකගත් උඩපන්දුව සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පළකර තිබුණා.

ඩේවිඩ් මිලර් දවාගැනීමට සූර්යකුමාර් යාදෙව් උඩපන්දුව රැකගැනීමට යාමේදී, බවුන්රි ලයින් එකේ සූර්යාගේ පාදය ස්පර්ශ වන බව පෙන්වමින් එය හයේ පහරක් බවට බොහෝදෙනා අදහස් දක්වා තිබුණා.

නමුත්, තරඟය නරඹමින් සිටි ප්‍රේක්ෂකයෙක් ඔහුගේ දුරකතනයෙන් ලබාගත් වීයෝවක, සූර්යකුමාර්ගේ පාදය බවුන්රි ලයින් එකේ ස්පර්ශ නොවන බව පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. එම නිසා එය හයේ පහරක් නොව දැවීයාමකි. එම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button