නින්ද ගිය නිසා ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරඟය මඟහැරුණු බංග්ලාදේශ උපනායකයා.. -
All News

නින්ද ගිය නිසා ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරඟය මඟහැරුණු බංග්ලාදේශ උපනායකයා..

නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 08 වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟය බංග්ලාදේශ උපනායක ටස්කින් අහම්ඩ හට මඟහැරී ගියා. ඊට හේතුව ලෙස ඔහු අතින් සිදූවූ අතපසුවීමකින් කණ්ඩායමේ බස්‍ රථය මඟහැරීම බව මාද්‍ය හමුවේ වාර්තා කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කියන්නෙ ප්‍රවාහනය සඳහා දුශ්කර තැනක්. ඔහු ටොස් එකට මිනිත්තු 5-10 කලින් ආපු නිසා ඔහුව තේරීමට කණ්ඩායමේ කළමණාකාරීත්වයට අපහසු වුණා.

එය ඔහුටද අපහසු අවස්තාවක්. ඔහු කණ්ඩායමෙන් සමාව අයැද සිටියා. ඒ වගේම කණ්ඩායමේ සියල්ලන් එය සාමාන්‍ය දෙයක් විදිහට ගත්තා. එය නොදැනුවත්වම සිදුවූ වරදක්. එය එතනින් අවසන් වුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් එලෙසින් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මේ පිලිබඳව ටස්කින් අහමඩ් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්..

මම ටොස් එකට විනාඩි 30 කට 40 කට කලින් ග්‍රවුන්ඩ් එකට ආවා. මට කණ්ඩායමේ බස් රථය මඟහැරුණා. 8.35 ට බස් එක හෝටලයෙන් පිටත්වුණා. මම 8.43 ට ග්‍රවුන්ඩ් එකට ගියා. මම බස් එකත් එක්කම වගේ ග්‍රවුන්ඩ් එකට ගියා. මම එන්න පරක්කු වුණ නිසා තේරීම්වලට නොගත්ත නෙමෙයි මම කොහොමත් ක්‍රීඩා කරන්න හිටියෙ නැහැ..

යනුවෙන් ටස්කින් අදහස් දක්වා තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button