මැතිව්ස්ගේ උත්සහය අපතේ යවමින් නුවරට එරෙහිව කොළඹට තියුණු ජයක්.. -
LeagueLPL

මැතිව්ස්ගේ උත්සහය අපතේ යවමින් නුවරට එරෙහිව කොළඹට තියුණු ජයක්..

( වීඩියෝ පහතින් ) මෙවර LPL තරඟාවලියේ හත්වන තරඟය අද කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 02 ක ජයක් වාර්තාකරමින් තරඟාවලියේ දෙවන ජය වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 කට ලකුණු 199 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර විශිෂ්ට ඉනිමක් දියත්කළ ග්ලේන් පිලිප්ස් පන්දු 43 කින් ලකුණු 70 ක් රැස්කළා.

ලකුණු 200 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවුණේ ලකුණු 197 ක් පමණයි. කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මොහොමඩ් හරීස් ලකුණු 56 ක් රැස්කළ අතර ඇන්ඩ්‍ර් ෆ්ලෙචර් ලකුණු 47 ක් රැස්කළා. දසුන් ශානක සහ වනිඳු හසරංගගේ කඩුලුද සමඟින් 17 වන පන්දුවාරයේ ලකුණු 06 කට කඩුලු තුනක් බිඳදමමින් විටෙක කැන්ඩි කණ්ඩායමට වාසිසහගතව තිබූ තරඟය නැවතත් කොළඹ කණ්ඩායම දෙසට ගෙනඒමට මතීශ පතිරණ සමත්වුණා. තරඟයේ අවසන් පන්දුව තෙක්ම කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට ප්‍රභල සටනක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 14 කින් ලකුණු 33 ක් රැස්කළා. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මතීශ පතිරණ ලකුණු 26 කට කඩුලු 04 ක් බිඳදැමූ අතර තරඟයේ වීරයා ලෙසින්ද මතීශ සම්මාන දිනාගත්තා.

මෙම තරඟයේදී චාමික කරුණාරත්න අනර්ඝ උඩපන්දු රැකිමක නිරතවූ අතර පන්දුව පොළොවේ ස්පර්ශ වීම හේතුවෙන් එය නොදැවී යාමක් ලෙස විනිසුරුවන් තීරණය කළා.( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

චාමිකගේ අනර්ඝ පන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button