පැතුම්ගේ ශතකය අපතේ යවමින් චන්දිමාල්ගේ සුපිරි ඉනිම නුවරට ජයගෙනදෙයි.. -
LeagueLPL

පැතුම්ගේ ශතකය අපතේ යවමින් චන්දිමාල්ගේ සුපිරි ඉනිම නුවරට ජයගෙනදෙයි..

මෙවර LPL තරඟාවලියේ 11 වන තරඟය අද (09) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර කඩුලු 07 ක ජයක් වාර්තා කරමින් තරඟාවලියේ සිය දෙවන ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 224 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා. ජැෆ්නා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සුපිරි ඉනිමක් දියත්කළ පැතුම් නිශ්ශංක සිය පළමු විස්සයි විස්ස ශතකයද සමඟින් පන්දු 59 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 04 ක් සමඟින් ලකුණු 119 ක් රැස්කළා. මෙය වාර්තා අතරට එක්වුණේ LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඊට අමතරව රයිලි රූසොව් පන්දු 18 කින් වේගවත් ලකුණු 41 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු දෙකකදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 230 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළා. කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවරකරමින් ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ දිනේශ් චන්දිමාල් පන්දු 37 කදී හතරේ පහර 08 ක් සහ හයේ පහර 07 ක් සමඟින් ලකුණු 89 ක් රැස්කළා. ඔහුට අනඟි සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 36 කින් නොදැවී ලකුණු 65* ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් සුපිරි ඉනිමක් දියත්කළ දිනේශ් චන්දිමාල් සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button