නැවතත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. -
Conference

නැවතත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෙවර LPL තරඟාවලියේ 11 වන තරඟය ලෙස පැවතී කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 3ක වාර්තාගත ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබාගත් අතර, පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 230ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කරනු ලැබුවා.

කැන්ඩි ෆැල්කොන්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 37කදී ලකුණු 89ක් වාර්තාකළ දිනේශ් චන්දිමාල් තරඟයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දක්වා තිබුණා.

අපි පලමු තරඟය ජයග්‍රහණයෙන් අනතුරුව තරඟ 3ක් පරාජයට පත්වූ නිසා අපිත් ජයග්‍රහණයක් සොයමින් සිටියේ. අපේ කණ්ඩායමේ ගොඩාක් ඡේෂ්ඨ ක්‍රීඩකයින් සිටිනවා ඒ නිසා මේ තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවීම ගැන ගොඩාක් සතුටුයි. ලකුණු 225ක් හඹායෑමේදී අපේ සැලැස්ම වුණේ පවර්ප්ලේ අවස්ථාවේදී වේගයෙන් පන්දුවට පහර දීලා ලකුණු ලබාගැනීම. අපි හිතපු විදිහයම එය සිදුකිරීමට මට ඇතුළු අපේ කණ්ඩායමට හැකිවුණා.

මේ අතර, නැවතත් සීමිත පන්දුවාර වලදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණුත් තමන් සූදානමින් සිටින බව ද චන්දිමාල් ප්‍රකාශ කළා.

මට කරන්න පුලුවන් දේ තමයි මගේ ස්ථානයකට තරඟ කරන එක. මම පුහුණුවීම් කරගෙන, ෆිටිනස් තියාගෙන ඉන්නවා. නැවත ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණොත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෙම තරඟයේදී පැතුම් නිස්සංක විශිෂ්ඨ ශතකයක් රැස්කරගැනීමට සමත්වූ අතර, ඔහුගේ එම ඉනිම සම්බන්ධයෙන් ද දිනේශ් චන්දිමාල් අදහස් දැක්වූවා.

පැතුම් කියන්නේ අතිවිශිෂ්ඨයි ක්‍රීඩකයෙක්. මම ඔහුව පෞද්ගලික දන්නවා. ඔහු හොඳින් පුහුණුවීම් කටයුතු කරනවා. අපේ රටේ ඉදිරි අවුරුදු 10ට ඉන්න හොඳම පිතිකරුවා පැතුම් නිස්සංක. මොකද ඔහු හැමවෙලාවෙම ලකුණු අතර සිටිනවා. ඉදිරි තරඟ වලදීත් හොඳින් ලකුණු අතරට එන්න මම ඔහුට සුබ පතනවා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button