ශ්‍රී ලංකාව ජයග්‍රාහීව ආසියානු කුසලානය අරඹයි..
මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟය බංග්ලාදේශය සමඟින් අද (20) පැවැත්වුණු අතර කඩුලු 07 ක පහසු ජයක් වාර්තාකරමින් ආසියානු කුසලාණය ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 111 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20 කට කඩුලු දෙකක් සහ ඉනෝශි ප්‍රියදර්ශනී ලකුණු 17 කට කඩුලු දෙකක් බිඳදැමුවා.
බංග්ලාදේශ ඉනිමේ සිව්වන කඩුල්ල දවාගැනීම වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැකීමක නිරතවීමට ඉනෝශි ප්‍රියදර්ශනී සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )
ඉනෝශි නිරතවූ සුපිරි උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී පන්දුවාර 17.1 කදී නියමිත ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. විශිෂ්ට ඉනිමක් දියත්කළ විශ්මි ගුණරත්න ලකුණු 51 ක් රැස්කළ අතර මෙම අර්ධ ශතකයත් සමඟින් ඇය වාර්තා අතරට එක්වුණේ කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියක අර්ධ ශතකයක් රැස්කළ ලබාලතම ක්‍රීඩිකාව ලෙසයි. ඇය මෙම දස්කම දක්වුවේ වයස අවුරුදු 18 යි දින 333 කදී. ඇයට අමතරව සාර්ථක ඉනිමක් දියත්කළ හර්ශිතා මාධවී ලකුණු 33 ක් රැස්කළා.