LPL අවසන් මහා තරඟයේදී ඩ්‍රෝන් 500කින් Drone Show එකක්. (වීඩියෝව) -
Uncategorized

LPL අවසන් මහා තරඟයේදී ඩ්‍රෝන් 500කින් Drone Show එකක්. (වීඩියෝව)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) පස්වන වරටත් පැවැත්වුනු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා ගෝල් මාවර්ල්ස් කණ්ඩායම සමත්වූ අතර, තරඟයෙන් පහසු ජයක් වාර්තාකර ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 184ක් රැස්කර අතර, එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ භානුක රාජපක්ෂ පන්දු 36කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත්වුණා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 15.4 අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 185ක් ලබාගනිමින් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් Rilee Rissouw පන්දු 53කදී හතරේ පහර 9ක් හා හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 106ක් රැස්කර ගත් අතර, කුසල් මෙන්ඩිස් පන්දු 40කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ද ලබාගැනීමට සමත්වුණා.

ගෝල් මාවර්ල්ස් ඉනිම අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කර තිබූ ඩ්‍රෝන් 500කින් යුත් Drone Show එක ප්‍රේමදාස ක්‍රීඩාංගන අහසේ දිස්වූ අතර, එම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button