සිව්වන වරටත් LPL කිරුළ යාපනයට.. -
LeagueLPL

සිව්වන වරටත් LPL කිරුළ යාපනයට..

2024 LPL තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ගෝල් මාර්වල්ස් කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරමින් සිව්වන වරටත් LPL ශූරතාවය හිමිකරගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 184 ක් රැස්කළා. ගාල්ල ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් භානුක රාජපක්ෂ පන්දු 34 කින් වේගවත් ලකුණු 82 ක් රැස්කළ අතර ටිම් ශෙයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවෙන්ම දැවීගිය අතර ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමඟින් එක්වූ රයිලි රූසොව් නොබිඳුණු ලකුණු 185 ක සබඳතාවයක් ගොඩනඟමින් ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය තහවුරු කළා. කුසල් මෙන්ඩිස් සහ රයිලි රූසොව් සමඟ එක්ව ගොඩනැඟූ මෙම සබඳතාව වාර්තා අතරට එක්වුණේ LPL තරඟයක ඕනෑම කඩුල්ලකට ගොඩනැඟූ ඉහළම සබඳතාවය ලෙසයි.

LPL තරඟාවලියේ වාර්තා වූ ඉහළම සබඳතාවයන්

සුපිරි ඉනිමක් දියත්කරමින් රයිලි රූසොව් විශිෂ්ට ශතකයක්ද සමඟින් පන්දු 53 කින් නොදැවී ලකුණු 106* ක් වාර්තා කළා. මෙම ශතකයත් සමඟින් ඔහු වාර්තා අතරට එක්වුණේ එක් LPL තරඟාවලියක් තුළ ශතක දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසයි. ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ කුසල් මෙන්ඩිස් පන්දු 40 කින් නොදැවී ලකුණු 72* ක් රැස්කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button