ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට.. -
Match Results

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට..

( වීඩියෝ පහතින් ) 2024 කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් තෙවන තරඟය අද (24) තායිලන්තයට එරෙහිව පැවැත්වුණු අතර කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරඟාවලියේ පිට පිට වාර්තා කළ තෙවන ජයද සමඟින් මෙවර ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 93 ක් පමණයි.

තායිලන්ත ඉනිමේ තෙවන කඩුල්ල දවාගැනීම වෙනුවෙන් සුපිරි උඩපන්දු රැකීමක නිරතවීමට කවිශා දිල්හාරි සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

කවීශා රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝ දර්ශණ )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 94 ක් වාර්තා කරමින් පහසු ජයක් වාර්තා කළා. එහිදී නායක චමරි අතපත්තු පන්දු 35 කින් නොදැවී ලකුණු 49* ක් සහ විශ්මි ගුණරත්න පන්දු 34 කින් නොදැවී ලකුණු 39* වාර්තා කළා.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟින් එළඹෙන සිකුරාදා රාත්‍රි 07.00 ට තරඟවැදීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button