මැද පෙළ අසාර්ථක හේතුවෙන් ශ්‍රී ලංකාව පලමු තරඟය පරාජයට පත්වෙයි. -
Match Results

මැද පෙළ අසාර්ථක හේතුවෙන් ශ්‍රී ලංකාව පලමු තරඟය පරාජයට පත්වෙයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබාගැනීමට සමත්වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදෙව් පන්දු 26කදී ලකුණු 56ක් රැස්කරගත් අතර, රිශාබ් පාන්ට් පන්දු 33කදී ලකුණු 49ක් හා ජයිස්වාල් පන්දු 21කදී ලකුණු 40ක් ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මතීෂ පතිරණ ලකුණු 40කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු හා වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල් බැඟින් බෙදීගියා.

අනතුරුව පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 45ක් හා පැතුම් නිස්සංක පන්දු 48කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 79ක් ලබාගැනීමට සමත්වුණා.

පැතුම්ගේ මෙම ඉනිමත් සමඟින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩයෙකු විස්සයි විස්ස තරඟයකදී වාර්තාකර ගත් ඉහළම ලකුණු වාර්ථාව තමන් සතු කරගැනීමට පැතුම් නිස්සංක සමත්වූ අතර, මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 78ක් ලබාගෙන තිබුණා.

ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලාංකික පිතිකරුවන් වාර්තා කළ ඉහළම ලකුණු..

✔️ Pathum Nissanka – 79 ( 2024 )
✔️ Kumar Sangakkara – 78 ( 2009 )
✔️ Kusal Janith Perera – 77 ( 2017 )
✔️ Pathum Nissanka – 75 ( 2022 )
✔️ Dasun Shanaka – 74* ( 2022 )

පැතුම් හා කුසල් මෙන්ඩිස් එක්ව සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත්, මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170කට සියලුම දෙනා දැවීගියා.

පන්දු යැවීමේදී Riyan Parag ලකුණු 5කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Axar Patel, Arshdeep Singh කඩුලු 2 බැඟින් හා මොහොමඩ් සිරාජ් , Rivi Bishnoi එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button