තිළිණ කණ්ඩම්බි සහ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳටම දෙහි කපයි.. -
Conference

තිළිණ කණ්ඩම්බි සහ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳටම දෙහි කපයි..

ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරඟ 03 කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී සුපුරුදු ලෙස තරඟාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

මෙම තරඟාවලි පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මාධ්‍යට අදහස් දක්වා සිටි අතර, ඔහු පැවසූවේ පිතිකරුවන් ලෙස මීට වඩා වගකීමකින් යුක්තව කටයුතු කළ යුතු බවයි.

පුහුණුකරුවන් ලෙස අපිට ඔවුන්ව පුහුණුකරවන්න පුලුවන් ඉන්ෆොමේශන් දෙන්න පුලුවන්, නමුත් මැදට ගියාම ඔවුන් මීට වඩා ඔලුව කල්පනා කරලා වගකීමකින් ක්‍රීඩා කරන්න ඕනේ. මේ විදිහට පිතිකරුවන් අසාර්ථක වීම ගැන අපි ඔවුන් සමඟ කතා කරලා ප්ලෑන් එකකට අනුව කටයුතු කරන්නේ. නමුත් තවමත් හොඳ රිසාල්ට් එකක් නැහැ. අපිට මේක හැමදාම මේ විදිහට පරාජය වෙන්න බැහැ. ඉදිරියේදී තද තීරණ ටිකක් ගන්න වේවි.

වසර ආරම්භයේදී අපේ ගැටලුව තිබුනේ පවර්ප්ලේ එකේදී කඩුලු 03 ක් පමණ බිඳ වැටෙන එක. නමුත් පැතුම් සාර්ථක වෙලා කුසල් මෙන්ඩිස් ඔහුට සපෝර්ට් එක දෙන කොට මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වෙලා තියනවා. අපි ඔවුන්ට දිහින් දිගටම අවස්ථාව ලබාදුන්නා. අපේ සංචිතයේ තව නවක ක්‍රීඩකයින් සිටිනවා. සමහර විට ඔවුන්ව ආදේශ කරන්න වේවි.

එලෙසම ප්‍රවීණ විස්තර විචාරක රසල් ආර්නල්ඩ්ද Facebook Live ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි ආවේගයෙන් අදහස් පළකළා. ( එයට අදාළ වීඩියෝ දර්ශණ පහතින් )

“ක්‍රීඩකයින්ව හැමදාමත් සුරතල් කර කර ඉන්න බැහැ” රසල්ගේ සැර කතාවක්. සම්පූර්ණ වීඩියෝ එක මෙන්න. ( වීඩියෝ දර්ශණ මෙන්න )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button