අපේ ක්‍රීඩකයින්ට උදව් කරන්න. එයාල ඉක්මනට වැරදි හදාගනීවි – සනත් ජයසූරිය -
Conference

අපේ ක්‍රීඩකයින්ට උදව් කරන්න. එයාල ඉක්මනට වැරදි හදාගනීවි – සනත් ජයසූරිය

තරඟ 03 කින් සමන්විත ඉන්දීය – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහයෝගය ලබාදෙන ලෙස ඔහු ප්‍රේක්ශකයින්ගෙන් ඉල්ලා සිටියා.

මම ලංකාවට ක්‍රීඩා කරල තියෙන විදිහයි මගේ තියෙන පැශන් එකත් එක්ක මම කවදාවත් පරාදවෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මන් සෙල්ලම් කරන කාලෙත් එහෙමයි. දැනුත් එහෙමයි. ඒක මේ ඉන්න ක්‍රීඩකයොත් දන්නවා.

මේ රටේ ඉන්න ප්‍රේක්ශකයො පුදුම ආදරයක් තියෙන්නෙ මේ ක්‍රීඩාවට. අපි ඒක මේතැනට ගෙනැල්ල තියෙනවා. ඒකත් එක්ක මන් මේ ක්‍රීඩකයොත් එක්ක තනි තනියෙන් කතාකරනවා, ටීම් එකක් හැටියට කතාකරනවා, මගේ එක්ස්පීරියන්ස් එක ශෙයාර් කරනවා. මට ඕනෙ එයාලගෙ මානසිකත්වය හදලා මේ එන්වයර්මන්‍ට් එක හොඳට තියලා කොන්ෆිඩන්ස් එකක් එක්ක ඇවිල්ල මෙතන සෙල්ලම් කරන්න.

මන් කියලා තියෙන්නෙ මේ හැම ප්‍රේක්ශකයෙක්ම ඕගොල්ලන්ට ආදරය කරනවා. තාවකාලිකව තියෙන දුකට තමයි මේහැමදෙයක්ම කියන්නෙ. මේ වෙලාවෙ එකම ඉල්ලීම අපි ක්‍රීඩකයින්‍ට උදව් කරන්නෝනෙ. අඩුපාඩු තියෙන්න පුලුවන් මේ ක්‍රීඩකයින්ගෙ. හැබැයි මේ අය ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට එන්න හදන්නෙ.

යනුවෙන් සනත් ජයසූරිය ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button