ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වූ ගයික්වාඩ් ජීවිතක්ෂයට. -
News

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වූ ගයික්වාඩ් ජීවිතක්ෂයට.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වූ, අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු 1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

කලක් ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ ගයික්වාඩ්, මිය යන විට 71 වන වියේ පසුවිය.

රුධිර පිළිකාවෙන් පීඩා විඳි ගයික්වාඩ් බරෝඩා හි රෝහලකදී ජීවිතක්ෂය පත්වී තිබුණි.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40ක් ක්‍රීඩා කරමින් ලකුණු 1985ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කරමින් ලකුණු 269ක් ලබාගැනීමට සමත්වී තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button