එක්දින සංචිතයේ සිටි ප්‍රධානම වේගපන්දු යවන්නන් දෙදෙනා ආබාධයට.. -
Squad Update

එක්දින සංචිතයේ සිටි ප්‍රධානම වේගපන්දු යවන්නන් දෙදෙනා ආබාධයට..

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම්කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි ප්‍රධානම වේගපන්දු යවන්නන් දෙදෙනා වන මතීශ පතිරණ සහ දිල්ශාන් මදුසංක ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන්ට එක්දින තරඟාවලිය අහිමිවෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

අබාධයන්ට ලක්වූ මතීශ පතිරණ සහ දිල්ශාන් මදුසංක වෙනුවට නවක වේගපන්දු යවන්නන් දෙදෙනෙක් වන මොහොමඩ් සිරාස් සහ එශාන් මාලිංග කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එලෙසම අතිරේක ක්‍රීඩකයින් ලෙසින් කුසල් ජනිත් පෙරේරා, ජෙෆ්‍ර්රි වැන්ඩර්සේ සහ ප්‍රමෝද් මදුශාන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

වෙනස්කම්වලින් පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය පහතින්..

  • චරිත් අසලංක ( නායක )
  • පැතුම් නිස්සංක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • කුසල් මෙන්ඩිස්
  • සදීර සමරවික්‍රම
  • කමිඳු මෙන්ඩිස්
  • ජනිත් ලියනගේ
  • නිශාන් මදුශ්ක
  • වනිඳු හසරංග
  • දුනිත් වෙල්ලාලගේ
  • චාමික කරුණාරත්න
  • මහීශ් තීක්ශන
  • අකිල ධනංජය
  • එශාන් මාලිංග
  • මොහොමඩ් සිරාස්
  • අසිත ප්‍රනාන්දු

StandBy Players

  • කුසල් ජනිත් පෙරේරා
  • ප්‍රමෝද් මදුශාන්
  • ජෙෆ්‍ර්රි වැන්ඩර්සේ

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button