වසර 07 කට පසුව Hong Kong Sixes නැවතත්… -
News

වසර 07 කට පසුව Hong Kong Sixes නැවතත්…

2017 වසරෙන් පසුව මෙම වසරේදී නැවතත් Hong Kong Cricket Sixes තරඟාවලිය පැවැත්වීමට නියමිත බව Hong Kong ක්‍රිකට් නිවේදනය කර තිබෙනවා.

තරඟාවලිය එළඹෙන නොවෙම්බර් මස 01 වනදා සිට 03 වනදා දක්වා Tin Kwong Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවර Hong Kong Sixes තරඟාවලියට කණ්ඩායම් 12 ක් සහභාගී වන අතර දින 03 ක් පුරාවට තරඟාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩාකළහැකි ක්‍රීඩකයින් ගණන 06 ක්.

Hong Sixes ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාවය හිමිකරගැනීමට සමත්වී ඇත්තේ පස්වරක් ජයග්‍රහකයින් බවට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාවද 2007 වසරේදී Hong Cricket Sixes ශුරතාවයක් දිනාගැනීමට සමත්වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button