උණුසුම් තරඟයකින් පසු ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ලකුණු සමවෙයි.. -
Match Results

උණුසුම් තරඟයකින් පසු ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ලකුණු සමවෙයි..

ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු සමවීමෙන් නිමා වුනා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 230 ක් ලබාගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 65 කදී හතරේ පහර 07 ක් හා හයේ පහර 02 ක් සමඟින් නොදැවී ලකුණු 67* ක් ලබාගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද අර්ධ ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 75 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 56 ක්. ඊට හතරේ පහර 09 ක් ඇතුළත් වුණා.

මෙම අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේ අඩුම ඉනිම් ගණනකින් ලකුණු 50+ ඉනිම් 20 ක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිශ්ශංක සමත්වුණා. ඒ සඳහා පැතුම්ට වැයවුණේ ඉනිම් 55 ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 77 කදී 50+ ඉනිම් වාර්තා කළ හිටපු ක්‍රීඩක මාවන් අතපත්තුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේ ලකුණු 50+ ඉනිම් 20 ක් වාර්තා කිරීමට අඩුම ඉනිම් ගණනක් වැයකළ ක්‍රීඩකයින්..

  • Pathum Nissanka – 55 * Innings
  • Marvan Atapattu – 77 Innings
  • Upul Tharanga – 81 Innings
  • Kusal Mendis – 81 Innings
  • Lahiru Thirimanne – 86 Innings

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේද ලකුණු 230 දී අවසන් කඩුලු දෙක දැවීයාම හේතුවෙන් තරඟය ලකුණු සම වීමෙන් නිමාවූ අතර, එහිදී පිට පිට පන්දු දෙකක් තුළ ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු දෙකද දවාගනිමින් කැපීපෙනෙන අයුරින් පන්දුවෙන් දස්කම් දැක්වූ නායක චරිත් අසලංක ලකුණු 30 කට කඩුලු 03 ක් බිඳ දැමුවා.

ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ ද ලකුණු 39 කට කඩුලු 02 ක් බිඳ දැමූ අතර, එක්දින තරඟයකදී පිත්තෙන් ලකුණු 60+ ඉනිමක් සහ පන්දුයැවීමේදී කඩුලු 02 ක් ලබාගත් ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට දුනිත් වෙල්ලාලගේ සමත්වුණා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 21 යි දින 209 ක් වනවා.

වනිඳු හසරංග ද ලකුණු 58 කට කඩුලු 03 ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු හා අකිල ධනංජය ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීම සමත්වූ අතර දඟපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දුයැවීම, ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජයෙන් ගැලවීමට හේතුවක් වුණා. තරඟයේ වීරයා ලෙසින් පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button