රොහිට්, කෝලි ඇතුලු ඉන්දීය ප්‍රභලයින් අභිබවා යමින් පැතුම් පළමු තැනට.. -
Records

රොහිට්, කෝලි ඇතුලු ඉන්දීය ප්‍රභලයින් අභිබවා යමින් පැතුම් පළමු තැනට..

2023 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්වී තිබෙනවා.

පැතුම් නිශ්ශංක, 2023 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර එක්දින ලකුණු 1760* ක් වාර්තා කර තිබෙන අතර ඒ සඳහා ඔහු වැයකර ඇත්තේ ඉනිම් 37 ක් පමණයි. මෙම ලැයිස්තුවේ දෙවන ස්තානයේ ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පසුවන අතර ඔහු ඉනිම් 30 ක් තුළ ලකුණු 1600 ක් ලබාගෙන තිබෙන අතර මෙම ලැයිස්තුවේ තෙවන ස්තානයයේ සුපිරි පිතිකරු විරාත් කෝලි පසුවන අතර සිව්වන ස්තානයේ ඉන්දීය එක්දින නායක රොහිට් ශර්මා පසුවෙනවා. කුසල් මෙන්ඩිස් ද මෙම ලැයිස්තුවේ පස්වන ස්තානය හිමිකරගෙන තිබෙන අතර ඔහු ඉනිම් 41 කදී ලකුණු 1271 ක් වාර්තා කරගෙන තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර පිටියේ 2023 වසරේ සිට මේ දක්වා ඉහළම ලකුණුලාභීන්

  • පැතුම් නිශ්ශංක | ලකුණු 1760 ( ඉනිම් 37 )
  • ශුබ්මන් ගිල් | ලකුණු 1600 ( ඉනිම් 30 )
  • විරාත් කෝලි | ලකුණු 1401 ( ඉනිම් 25 )
  • රොහිට් ශර්මා | ලකුණු 1308 ( ඉනිම් 27 )
  • කුසල් මෙන්ඩිස් | ලකුණු 1271 ( ඉනිම් 41 )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button