ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත ටෙස්ට් සංචිතය නම්කරයි.. -
Squad Update

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත ටෙස්ට් සංචිතය නම්කරයි..

එළඹෙන 21 වනදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් එංගලන්ත ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි එංගලන්ත නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් මෙම තරඟාවලියේද නායකත්වය දරන අතර එංගලන්ත කණ්ඩායමේ ප්‍රභලම ටෙස්ට් සංචිතය මෙම තරඟාවලියට නම්කර තිබෙනවා. නිමාවූ කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් වේගපන්දු යවන ක්‍රීඩක ගූස් ඇට්කින්සන් සහ කඩුලු රකින පිතිකරු ජෙමී ස්මිත්ද මෙම සංචිතයේ රැඳීසිටින අතර Jordan Cox ව පළමු වරට එංගලන්ත ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්වූ නිත්‍ය ආරම්භක පිතිකරු සැක් ක්‍රවුලිට මෙම තරඟාවලිය අහිමිවන අතර ඔහුවෙනුවට ඩැන් ලෝරන්ස් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිත බවද වාර්තාවෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ එංගලන්ත ටෙස්ට් සංචිතය

🔸 Ben Stokes ( C )
🔸 Ollie Pope
🔸 Gus Atkinson
🔸 Matthew Potts
🔸 Shoaib Bashir
🔸 Joe Root
🔸 Harry Brook
🔸 Jamie Smith
🔸 Jordan Cox
🔸 Olly Stone
🔸 Ben Duckett
🔸 Chris Woakes
🔸 Dan Lowrence
🔸 Mark Wood

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button