නව නායිකාවක් යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්තයට.. -
Women's Cricket

නව නායිකාවක් යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්තයට..

අගෝස්තු 11 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරඟ සංචාරයට අදාළව එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (06) දිවයිනෙන් පිටත්ව ගියා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ ” The Hundred ” තරඟාවලියට එක්වී සීටිම හේතුවෙන් විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩික අනුශ්කා සංජීවනීට ලබාදී තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත සංචාරයේ සහභාගී වන තරඟ සියල්ල ශ්‍රී ලංකා ප්‍රෙක්ශකයින්ට නැරඹීමට අවස්තාවක් හිමිවී තිබෙනවා.

ඒ අනුව Dialog Tv හි චැනල් අංක 63 ( ThePapare Tv ) නාලිකාව ඔස්සේ තරඟාවලිය සජිවීව නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ තරඟ කාලසටහන

T20I Series

  • 1st T20I Match – Aug 11 @ 8.30 P.M.
  • 2nd T20I Match – Aug 13 @ 8.30 P.M.

ODI Series

  • 1st ODI Match – Aug 16 @ 3.15 P.M.
  • 2nd ODI Match – Aug 18 @ 3.15 P.M.
  • 3rd ODI Match – Aug 20 @ 3.15 P.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button