ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත නායකයාගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත නායකයාගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 21 වනදා ආරම්භ වීමට නියමිත පසුබිමක එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ The Hundred ලීග් තරඟාවලියේ Northern Superchargers කණ්ඩායම සහ Manchester Originals කණ්ඩායම අතර තරඟයකදී බෙන් ස්ටොක්ස්ගේ කලව ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

බෙන් ස්ටොක්ස්ගේ අබාධය පිළිබඳව අදහස් දැක්වූ Northern Superchargers කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන හැරී බෲක් පවසා සිටියේ ඔහුගේ ආබාධ තත්ත්වය හොඳ මට්ටමක නොපවතින බවයි.

” පෙනෙනෙ විදිහට එය හොඳ මට්ටමක නැහෑ. මම හිතන්නෙ ඔහුව හෙට ස්කෑන් පරීක්ෂණයකට යොමු කරාවි.. ඔහුගේ තත්ත්වය එවිට බලන්න පුලුවන්.. “

යනුවෙන් හැරී බෲක් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button