හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවාගේ මරණය සියදිවි නසාගෑනීමක්.. -
News

හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවාගේ මරණය සියදිවි නසාගෑනීමක්..

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ග්‍රැහැම් ත්‍රෝප් දිවියෙන් සමුගත් බව පසුගිය සතියේදී එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මිය යනවිට ඔහු 55 ස් වැනි වියේ පසුවුණා.

ඔහුගේ බිරිඳ සහ දියණියන් Times පුවත්පත සමඟ සාකච්ඡාවකදී තහවුරු කර තිබෙන්නේ ත්‍රෝප්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවයි.

පසුගිය වසර කිහිපය පුරාවට ග්‍රැහැම් දැඩි මානසික පීඩනයකින් සහ කාංසාවකින් සිටියේ. ඔහු 2022 මැයි මාසයේදී ජීවිතය නැති කරගැනීමට දරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට දැඩිසත්කාර ඒකකයේ දිගු කාලයක් රැඳීසිටීමට සිදුවුණා.

ඔහු දිගින් දිගටම මානසික අවපීඩනයෙන් සහ කාංසාවෙන් පීඩාවින්දා. සමහර වෙලාවට එය ඉතා දරුණු වුණා. අපි ඔහුට පවුලක් ලෙස සහයෝගය දැක්වුවා. බොහෝ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලුවත් අවාසනාවට ඒ කිසිවක් සාර්ථක වන බවක් පෙනුනෙ නෑ..

ග්‍රැහැම් ක්‍රීඩාවෙදි මානසිකව ශක්තිමත් කෙනෙක්. නමුත් මානසික රෝගයක් ඕනෑම කෙනෙකුට බලපාන්න පුලුවන්. ඔහු ආදරය කළ සහ ඔහුට ආදරය කළ බිරිඳක් සහ දියණියන් දෙදෙනෙකු සිටියත් ඔහු සුව වුණේ නෑ. ඔහු නොමැතිව අපිට වඩා හොඳ වනු ඇතිබවට ඔහු විශ්වාස කරන්නැති..

යනුවෙන් ග්‍රැහැම් ත්‍රෝප්ගේ බිරිඳ Times පුවත්පත වෙත ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button