දනංජය සහ මිලාන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙනයයි.. -
Innings Report

දනංජය සහ මිලාන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙනයයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය ඊයේ ( 21 ) ආරම්භ වූ අතර පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22 ක් ලබාසිටියා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 236 ක් රැස්කළා. ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 05 ක් ලකුණු 72 ක් තුළ බිඳවැටුණු අතර නායක දනංජය ද සිල්වා සමඟ එක්වෙමින් මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන මිලාන් රත්නායක ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා. නායකත්වය ඉනිමක් දියත්කළ දනංජය ද සිල්වා පන්දු 84 කින් ලකුණු 74 ක් රැස්කළ අතර මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩාකළ මිලාන් රත්නායක පන්දු 135 කට මුහුණදෙමින් ලකුණු 72 ක් රැස්කළා.

මෙම ඉනිමත් සමඟින් මිලාන් රත්නායක වාර්තා අතරට එක්වුණේ මංගල ටෙස්ට් ඉනිමේදී නොම්බර 09 ය පිතිකරුවෙකු වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කරගත් ක්‍රීඩකයා ලෙසයි.

මංගල ටෙස්ට් ඉනිමේදී නොම්බර 09 පිතිකරුවෙකු ලෙස ඉහළම ලකුණුලාභීන්

  • Milan Rathnayake (SL) | 72 vs ENG ( Manchester 2024 )
  • Balwinder Sandhu (IND) | 71 vs PAK ( Hyderabad (Sind) 1983 )
  • Darren Gough ENG) | 65 vs NZ ( Manchester 1994 )
  • Monde Zondeki (SA) | 59 vs ENG ( Leeds 2003 )
  • Wilf Ferguson (WI) | 56* vs ENG ( Bridgetown 1948 )

එලෙසම මෙම ඉනිමත් සමඟින් මිලාන් වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ අංක 09 හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක පිතිකරුවෙකු රැස්කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවේ හිමිකරුවා ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක නොම්බර 09 හෝ ඊට පහළ පිතිකරණ ස්තානයක ඉහළම ලකුණුලාභීන්

  • Upul Chandana | 92 vs ZIM ( Galle 2002 )
  • Ajantha Mendis | 78 vs IND ( Colombo (PSS) 2010 )
  • Milan Rathnayake | 72 vs ENG ( Manchester 2024 )
  • Graeme Labrooy | 70* vs NZ ( Auckland 1991 )
  • Chaminda Vaas | 69 vs SA ( Galle 2004 )

දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරන එංගලන්තය කිසිවෙකු නොදැවී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 214 පිටුපසින් පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button