බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ඉවතට ?.. -
News

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ඉවතට ?..

බංග්ලාදේශයේ ඇතිවූ දේශපාලන අර්බුධයෙන් පසුව හිටපු බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වීමත් සමඟින් පත්වූ නව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරූක් අහ්මඩ්, බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සම්බන්ධව සිය ස්‍තාවරය ප්‍රකාශ කරතිබෙනවා.

මේවනවිට හතුරුසිංහගේ ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තුව 2025 පෙබරවාරි අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර එවිට චැම්පියන්ස් කුසලානයද අවසන් වීමට නියමිතයි.

කෙසේවෙතත් බංග්ලාදේශ නව ක්‍රිකට් සභාපති, හතුරුසිංහගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචන එල්ලකර තිබෙනවා.

ඔහු පිටියේ සහ ඉන් පිටත කර ඇතිදේ සමඟ ඔහුට බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටීමට හේතුවක් නෑ. ඔහුව පුහුණුකරු ධූරයේන් නෙරපා දැමුවොත් යම් මුදලක් අහිමිවේවි , නමුත් ඔහු නිසා විශාල හානියක් සිදුවෙනවා.

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button