පළමු ටෙස්ට් තරඟයෙන් එංගලන්තයට කඩුලු 05 ක ජයක්.. -
Innings Report

පළමු ටෙස්ට් තරඟයෙන් එංගලන්තයට කඩුලු 05 ක ජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය ආරම්භ වනවිට දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව කඩුලු 04 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 82 ක් ඉදිරියේ පසුවුණා.

දිනයේ ආරම්භයේ කමිඳු මෙන්ඩිස් සමඟින් එක්ව දිනේශ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟූ අතර විශිෂ්ට ඉනිමක් දියත්කළ කමිඳු මෙන්ඩිස් සිය තෙවන ටෙස්ට් ශතකය සමඟින් ලකුණු 113 ක් රැස්කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ චන්දිමාල් ලකුණු 79 ක් රැස්කළා. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන ඉනිමට ලකුණු 326 ක ලකුණු පුවරුවක් ගොඩනැඟුවේ එංගලන්තයට ලකුණු 205 ක ඉලක්කයක් ලබාදෙමින්..

කමිඳු මෙන්ඩිස් රැස්කළ අනර්ඝ ශතකයක් සමඟින් ඔහු වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් පිටියේ පළමු ඉනිම් 07 තුළදී ශතක තුනක් වාර්තා කළ ලොව පළමු සහ එකම පිතිකරුවා ලෙසයි.

එලෙසම මෙම ශතකයත් සමඟින් කමිඳු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නොම්බර 07 හෝ ඊට පහළ ස්තානයක වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා ලෙසයි. ඒ හිටපු කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධන හා සමතැන් ගනිමින්..

  • Prasanna Jayawardene | 03 ( 70 Innings )
  • Kamindu Mendis | 03* ( 07 Innings )

ලකුණු 205 ක ඉලක්කයක් හඹායාමට දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය කඩුලු 05 ක් දැවී එම ඉලක්කය හඹායමින් කඩුලු 05 ක ජයක් වාර්තා කළා. එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙනයමින් විශිෂ්ට ඉනිමක් දියත්කළ ජෝ රූට් නොදැවී ලකුණු 62* ක් වාර්තා කළා.

තරඟයේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී සිය මංගල ශතකය සමඟින් ලකුණු 111 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 39 ක් රැස්කළ ජෙමී ස්මිත් සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button