News
දෙවන තරඟයේදීත් මෙන්ඩිස්ගේ ස්තානය තහවුරු වෙයි ?..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේදීත් කුසල් මෙන්ඩිස් හට කණ්ඩායමේ 11 ස් දෙනා අතර ස්තානය හිමිවීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ පළමු තරඟය අතරතුර දිනේශ් චන්දිමාල්ගේ දකුණු අතේ මහපටඇඟිල්ලේ පන්දුවක් වැදීමෙන් ඇතිවූ අබාධය හේතුවෙන් දෙවන තරඟයේදී චන්දිමාල්ට කඩුලු රැකීමට නොහැකි වීමත් සමඟින්..
කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ” ආබාධයෙන් පසුව චන්දිමාල් පන්දුවට පහර දීමට පැමිණියේ වේදනා නාශක එන්නත් 3 ක් ලබාගෙන ” බවයි. ” දෙවෙනි තරගයේ ඔහුට කඩුලු රැකීමට හැකිවෙයිද නැද්ද යන වග අවිනිශ්චිත” බවද සනත් ජයසූරිය පවසා තිබුණා