ඕස්ට්‍රේලියා ටෙස්ට් ආරම්භක පිතිකරුවා වයස 26 දී ක්‍රිකට් පිටියට සමුදෙයි.. -
News

ඕස්ට්‍රේලියා ටෙස්ට් ආරම්භක පිතිකරුවා වයස 26 දී ක්‍රිකට් පිටියට සමුදෙයි..

හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ආරම්භක පිතිකරු විල් පුකොව්ස්කිට වයස අවුරුදු 26 දී වෘත්තීමය ක්‍රිකට් පිටියට සමුදීමට සිදුවී තිබෙනවා.

ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ අවස්තා රැසකදී දරුණු අනතුරුවලට මුහුණදීමට සිදුවූ අතර ඉන් වැඩිම වතාවක් කම්පනයට තුඩු දින් පන්දුව හිසේ වැදීමෙන් ඇතිවූ අනතුරුයි.

එහි ආසන්නතම සිදුවීම වුණේ 2024 මාර්තු මාසයේදී Sheffield පළිහ තරඟයකදී රයිලි මැඩ්රිත් යොමුකළ පන්දුවක් හිසේ වැදීමෙන් සිදුවූ අනතුරයි. එම අනතුරත් සමඟින් ඔහුට තරඟයෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහුට ඕස්ටේලියානු ගිම්හාන සෘතු තරඟවාරය මෙන්ම ඉංග්‍රිසී ගිම්හාන සෘතුවේ Leicestershire කොන්ත්‍රාත්තුවද අහිමි වුණා.

එම අනතුරත් සමඟින් ශාරිරික පිඩනවලට අමතරව මානසික සෞඛ්‍යටද බලපෑම් එල්ලවුණු අතර ඔහුගේ State ක්‍රිකට් සංගමය වන වික්ටෝරියා ක්‍රිකට් සංගමය කොන්දේසියක් මත ඔහුට 2024/25 වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබාදුන් නමුත් ක්‍රිකට් වික්ටෝරියා සහ ස්වාධීන වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් පුකොව්ස්කිගේ තත්ත්වය පරීක්ෂා කරන තුරු ක්‍රිකට් ඕස්ටේලියා කොන්ත්‍රාත්තුවේ රැඳීසිටිය යුතු බව නිර්දේශ කරතිබුණා.

ඒ අනුව 9 News මෙල්බර්න් අද ( අගෝස්තු 29 ) වාර්තා කළේ කමිටුව විසින් පුකෝව්ස්කිගේ සෞඛ්‍ය සම්බන්ධව අනුමැතිය ලබානොදී ඇති බවයි. ඒ අනුව ඔහුගේ වෘත්තීමය ක්‍රීඩා දිවිය නිළවශයෙන් අවසන් වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button