තරඟ 06 ක සංචාරයක් වෙනුවෙන් ඔක්තෝම්බර් හීදී කොදෙව්වන් ශ්‍රී ලංකාවට.. -
News

තරඟ 06 ක සංචාරයක් වෙනුවෙන් ඔක්තෝම්බර් හීදී කොදෙව්වන් ශ්‍රී ලංකාවට..

එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී තරඟ 06 ක සංචාරයක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය, එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත අතර තරඟාවලිය ඔක්තෝම්බර් 13 ස් වෙනිදා සිට ඔක්තෝම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර සියලුම තරඟ දිවා සහ දිවා රාත්‍රී තරඟ ලෙසින් පැවැත්වෙනු ඇත. තරඟ පැවැත්වෙන දින සහ වෙලාවන් වෙනස්වීමටද හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන අතර ශ්‍රී ලංකාව නැවතත් සීමිත පන්දුවාර තරඟාවලියකට එක්වන්නේ ටෙස්ට් තරඟ පහකින් පසුවයි.

දැනට නිවේදනය කර තිබෙන පරිදි තරඟ කාලසටහන පහතින්

3 T20I MATCHES

  • 1st T20I – 13th Oct, at Dambulla 🏟️
  • 2nd T20I – 15th Oct, at Dambulla 🏟️
  • 3rd T20I – 17th Oct, at Dambulla 🏟️

3 ODI MATCHES

  • 1st ODI – 20th Oct, at Pallekele 🏟️
  • 2nd ODI – 23rd Oct, at Pallekele 🏟️
  • 3rd ODI – 26th Oct, at Pallekele 🏟️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button