තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය එංගලන්තයට.. -
Innings Report

තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය එංගලන්තයට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති දෙවන ටෙස්ට් තරඟය ඊයේ ( සැප්තැම්බර් 01 ) නිමාවූ අතර ලකුණු 190 ක දැවැන්ත ජයක් සමඟින් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර විශිෂ්ට ඉනිම් දියත්කළ ජෝ රූට් ලකුණු 143 ක් සහ ගුස් ඇට්කින්සන් ලකුණු 118 ක් රැස්කළා. අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 05 ක් බිඳදැමූ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉනිමක කඩුලු 05 ක් බිඳදැමූ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙසින්.

පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 251 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණලාභියා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74 ක් වාර්තා කළා.

පළමු ඉනිමේ වාසියද සමඟින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්තය ලකුණු 251 ක් රැස්කළ අතර නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කරමින් සිය 34 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ජෝ රූට් ලකුණු 103 ක් රැස්කළා. මෙම ශතකයත් සමඟින් ජෝ රූට් වාර්තා අතරට එක්වුණේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතකලාභියා ලෙසයි.

ඒ අනුව ලකුණු 483 ක ඉලක්කයක් හඹායාමට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 292 ක් පමණයි. දිනේශ් චන්දිමාල් , දනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක වාර්තා කළත් නියමිත ඉලක්කය හඹායාමට තරම් එය ප්‍රමාණවත් වුණේ නෑ. ඒ අනුව ලකුණු 190 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.

ඊයේ දිමුත් කරුණාරත්න රැස්කළ ඉනිමත් සමඟින් හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිබවා යමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර සිව්වන ස්තනය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණුලාභීන්

  • Kumar Sangakkara – 12,400
  • Mahela Jayawardene – 11,814
  • Angelo Mathews – 7,697
  • Dimuth Karunaratne – 6990
  • Sanath Jayasuriya – 6973

එලෙසම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිව්වන ඉනිම තුළ වැඩිම අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවා බවට පත්වීමටද දිමුත් සමත්වුණේ සනත් ජයසූරිය පසුකරමින්.

  • 9 – Dimuth Karunaratne *
  • 8 – Sanath Jayasuriya
  • 8 – Kumar Sangakkara
  • 8 – Mahela Jayawardene
  • 8 – Kusal Mendis

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button