ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.. -
News

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..

නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් කණ්ඩායම් අතර 06 වන ස්තානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ දක්වන විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම අයි.සී.සී ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙනෙන ලෙසින් ස්තාන 09 කින් ඉදිරියට පැමිණීමට අසිත ප්‍රනාන්දු සමත්වී තිබෙන අතර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණියේ දීර්ඝ කාලයකට පසුවයි.

එලෙසම එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියේ දැක්වූ විශිෂ්ට දස්කම් සමඟින් කමිඳු මෙන්ඩිස් සහ සිය මංගල තරඟාවලිය ක්‍රීඩාකරන මිලාන් රත්නායකද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් අයි.සී.සී ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 11 කින් ඉදිරියට පැමිණෙමින් 25 ස් වන ස්තානය හිමිකරගෙන තිබෙන අතර මිලාන් රත්නායකද ස්තාන 47 කින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 73 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button