වෙනස්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව තෙවන ටෙස්ට් තරඟයට.. -
News

වෙනස්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව තෙවන ටෙස්ට් තරඟයට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තෙවන තරඟය හෙට (06) ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව හෙට තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

තරඟාවලිය පුරාවට අසාර්ථක වූ නිශාන් මදුශ්කට කණ්ඩායමේ ස්තානය අහිමිවී ඇති අතර දෙවන ටෙස්ට් තරඟයේ කණ්ඩායමේ ස්තානය අහිමිවූ කුසල් මෙන්ඩිස්ව නැවතත් කණ්ඩායමට කැඳවා තිබීම විශේශත්වයක්. එලෙසම දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙම තරඟයෙන් විවේක ගන්වා ඇති අතර ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්තානය නැවතත් හිමිවී තිබෙනවා.

එංගලන්තයට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම

  • පැතුම් නිශ්ශංක
  • දිමුත් කරුණාරත්න
  • කුසල් මෙන්ඩිස්
  • දනංජය ද සිල්වා
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • මිලාන් රත්නායක
  • විශ්ව ප්‍රනාන්දු
  • අසිත ප්‍රනාන්දු
  • ලහිරු කුමාර

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button