කැරිබියන් ප්‍රීමියර් ලීග් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම්.. -
Match Results

කැරිබියන් ප්‍රීමියර් ලීග් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම්..

2024 කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ St Kitts and Navis Patriots කණ්ඩායම සහ Barbados Royals කණ්ඩායම අතර තරඟය අද (07) පැවැත්වුණු අතර කඩුලු 02 ක ජයක් වාර්තා කිරීමට බාර්බඩොස් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් St Kitts and Navis Patriots කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 153 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් විශිෂ්ට ඉනිමක් දියත්කළ වනිඳු හසරංග පන්දු 27 කින් ලකුණු 40 ක් රැස්කළා. බාර්බඩොස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 35 කට කඩුලු 03 ක් බිඳදැමුවා. එලෙසම සාර්ථක පන්දුයැවීමක නිරතවෙමින් මහීශ් තීක්ශණ ද සිය පන්දුවාර 04 තුළ ලකුණු 16 කට කඩුලු 02 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බාර්බඩොස් රෝයල්ස් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 19 යි පන්දු 05 කදී නියමිත ඉලක්කය හඹායමින් කඩුලු 02 ක තියුණු ජයක් වාර්තාකළා. බාර්බඩොස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් විශිෂ්ට ඉනිමක් දියත්කරමින් දුනිත් වෙල්ලාලගේ පන්දු 32 කින් ලකුණු 39 ක් රැස්කළා.

තරඟයේ වීරයා ලෙසින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button