නිශාන් මදුශ්ක ඉවතට ?.. -
News

නිශාන් මදුශ්ක ඉවතට ?..

එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය තරඟාවලි කිහිපය පුරාවට අසාර්ථක වූ කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක වෙනුවට ඔශද ප්‍රනාන්දුව නැවතත් ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට නියමිත බව Ceylon Today වාර්තා කරනවා.

ඔශද ප්‍රනාන්දු, දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරඟයේදී පළමු ඉනිමේදී 122 ක් සහ දෙවන ඉනිමේදී ද ලකුණු 80 ක් රැස්කිරීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button