පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට.. -
Innings Report

පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට..

( වීඩියෝව පහතින් ) සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (18) ආරම්භ වූ අතර පළමු දිනය නිමාවන විට වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වුණා.

දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල් කඩුලු 04 ලකුණු 106 කට දැවීගිය අතර කමිඳු මෙන්ඩිස් සමඟ එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 ක් වාර්තාකළා. නොම්බර 07 පිතිකරණ ස්තානයේ පන්දුවට පහරදෙමින් කලකට පසුව අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිම අවාසනාවන්ත ලෙසින් නිමාවුණා. ( කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවීගිය ආකාරය පහතින් නැරඹිය හැකියි )

දිනයේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වෙමින් අනර්ඝ ඉනිමක් දියත්කළ කමිඳු මෙන්ඩිස් සිය සිව්වන ටෙස්ට් ශතකයද සමඟින් ලකුණු 114 ක් රැස්කළා. මෙම ඉනිමත් සමඟින් වාර්තා රැස්ක් අලුත් කිරීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

මෙම ඉනිමත් සමඟින් කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් වරම් දිනාගත් දින සිට වැඩිම ටෙස්ට් තරඟ ගණනකදී අඛණ්ඩව ලකුණු 50+ ඉනිම් වාර්තා කළ පිතිකරුවා ලෙසයි. ඒ පාකිස්තාන පිතිකරු සවුද් ශකීල් සමඟින් සමතැන් ගනිමින්.

ටෙස්ට් වරම් දිනාගත් දින සිට වැඩිම ටෙස්ට් තරඟ ගණනකදී අඛණ්ඩව ලකුණු 50+ ඉනිම් වාර්තාකළ පිතිකරුවන්

එලෙසම කමිඳු අද දියත්කළ අනර්ඝ ඉනිමත් සමඟින් කමිඳු වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් පිටියේ ලකුණු 50+ ඉනිම් 08 ක් වාර්තා කිරීමට අවම ඉනිම් ගණනක් වැයකළ ශ්‍රී ලංක පිතිකරුවා ලෙසයි. ඒ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාලින්ද වර්ණපුර අභිබවා යමින්.

  • Kamindu Mendis – 11 Innings
  • ⁠Malinda Warnapura – 16 Innings
  • ⁠Pathum Nissanka – 19 Innings

එලෙසම අද වාර්තා කළ ශතකයත් සමඟින් කමිඳු වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් පිටියේ ශතක 04 ක් වාර්තා කිරීමට අවම ඉනිම් ගණනක් වැයකළ පිතිකරුවා ලෙසයි. ඒ සඳහා කමිඳු වැයකර තිබෙන්නේ ඉනිම් 11 ක් පමණයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 21 ක් වැයකළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් වැන්ඩොට් ටුයි.

  • Kamindu Mendis – 11 Innings
  • ⁠Michael Vandort – 21 Innings
  • ⁠Dhananjaya De Silva – 23 Innings

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button