ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වසර 20 ක ක්‍රිකට් තහනමක්.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වසර 20 ක ක්‍රිකට් තහනමක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන පුහුණුකරුවෙක් වන දුලිප් සමරවීර හට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් වසර 20 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා. ඒ කාන්තා ක්‍රීඩිකාවක් බරපතළ ලෙස අපයෝජනය කිරීම සම්බන්ධව එල්ලවූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.

මෙම චෝදනාව ඒල්ලවී තිබෙන්නේ ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටුයුතු කරන සමයේදීයි. එම කාලය අතරතුර ඔහු නුසුදුසු හැසිරීමක් පෙන්නුම් කරමින් ක්‍රිකට් වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව තහනම පනවා තිබෙන මෙම වසර 20 ක කාලය තුළ ඔහුට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සම්බන්ධව ඇති කිසිඳු ක්‍රිකට් සංගමයක හෝ ආයතනයක කිසිඳු තනතුරක් දැරීමට අවස්තාව අහිමිවෙනවා.

දුලිප් සමරවීර 1993 සිට 1995 දක්වා ටෙස්ට් තරඟ 07 ක් සහ එක්දින තරඟ 05 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button