වෙනස්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟයට.. -
News

වෙනස්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟයට..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය හෙට (26) ආරම්භ වීමට නියමිතව තිබෙන අතර පළමු ටෙස්ට් තරඟය ජයගනිමින් තරඟ 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණේ පසුවන්නේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරඟයට වෙනස්කම් දෙකක් සහිතව ක්‍රීඩාකිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව ලහිරු කුමාර වෙනුවට දෙවන ටෙස්ට් තරඟයේදී තුන්ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා.

එලෙසම අබාධයකට ලක්වූ විශ්ව ප්‍රනාන්දුට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟින් ඔහු වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූ නවක දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරීස් හෙට දිනයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට නියමිතව තිබෙනවා. ඒ රමේශ් මෙන්ඩිස් වෙනුවටයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button