පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට.. -
News

පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද (26) ආරම්භ වූ අතර පළමු දිනය නිමාවනවිට වැඩි ගෞරව අත්කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වෙනවා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වනවිට කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 306 ක් ලබා ප්‍රභල තත්ත්වයක පසුවුණා. දිනයේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ දිනේශ් චන්දිමාල් සිය 16 වන ටෙස්ට් ශතකයද සමඟින් ලකුණු 116 ක් රැස්කළා. දිමුත් කරුණාරත්න ලකුණු 46 ක් රැස්කළ අතර මෙම ඉනිමත් සමඟින් ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ලකුණු 7000 සේ සීමාව පසුකරයෑමට දිමුත් කරුණාරත්න සමත්වුණා. ඔහු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ටෙස්ට් ලකුණු 7000 සේ සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා ලෙසයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සබඳතාවයක් ගොඩනැඟූ අතර මෙම සබඳතාවයත් සමඟින් ඔවුන් දෙදෙනා වාර්තා අතරට එක්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් ලකුණු 50+ සබඳතාවයන් වැඩිම ගණනක් පිහිටවූ ක්‍රීඩකයින් දෙදෙනා ලෙසයි. ඔවුන් දෙදෙනා 50+ සබඳතාවන් 08 ක් පිහිටුවා තිබෙන අතර ඔවුන් සමකළේ මීටපෙර සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු සතුව තිබූ වාර්තාවක්.

නොදැවී කඩුල්ලේ රැඳීසිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78* ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51* ක් ලබාසිටිනවා.

කමිඳු මෙන්ඩිස් රැස්කළ මෙම අර්ධ ශතකයත් සමඟින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

ඒ ටෙස්ට් වරම් දිනාගත් දා සිට වැඩිම ටෙස්ට් තරඟ ගණනකදී අඛණ්ඩව අර්ධ ශතක වාර්තාකළ පිතිකරුවා ලෙසයි. කමිඳු මෙන්ඩිස් තරඟ 08 කදී නොකඩවා අර්ධ ශතක වාර්තා කර තිබෙන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ටෙස්ට් තරඟ 07 කදී නොකඩවා අර්ධ ශතක වාර්තා කර තිබූ පාකිස්තාන ක්‍රීඩක සවුද් ශාකීලු යි.

ටෙස්ට් වරම් දිනාගත් දා සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් තරඟ ගණනකදී අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button