ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්.. -
Match Results

ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 154 ක දැවැන්ත ජයක් වාර්තාකරමින් තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය විශිෂ්ට ලෙස තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත්වුණා. ශ්‍රී ලංකාව 2009 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියක් ජයගත් පළමු අවස්තාවද මෙය වනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්තානයේ රැඳීසිටින්නේ ප්‍රසාද ලකුණු 55.56 ක් සමඟින්. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ ඉන්දියාව රැඳීසිටින අතර දෙවන ස්තානයේ ඕස්ට්‍රේලියාව රැඳීසිටිනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාවට ඉදිරියේදී තරඟ දෙකිකින් සමන්විත දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයක් සහ ශ්‍රී ලංකාව තුළදී ඕස්ට්‍රේලියාව සමඟ තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් ඉතිරිව තිබෙන අතර මෙම තරඟ 04 ම ජයග්‍රහණය කළහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉහළ අවස්තාවක් පවතින අතර මෙම තරඟ 04 අතුරින් තරඟ 03 ක් ජයග්‍රහණය කළහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තු ‍රඳවාගැනීමට හැකියාව පවතිනවා.

මේවනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

Screenshot

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button