යොවුන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නාට වසරක තරඟ තහනමක්.. -
News

යොවුන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නාට වසරක තරඟ තහනමක්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූශණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා තුනක් එල්ල වූ අතර එම චෝදනාවලට වරදකරු බවට පත්වීම හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව වසරක තරඟ තහනමක් පැනවීමට ICC ය තීරණය කර තිබෙන අතර මෙම වසරක තරඟ තහනමෙන් මාස 06 ක කාලයක් අත්හිටුවූ තරඟ තහනමක් ලෙස නම්කර තිබෙනවා.

ජාත්‍යන්තර තරඟවලදී සහ 2021 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සමබන්ධව තමාට ලැබුණු ඇරයුම් පිළිබඳව ප්‍රමාදයකින් තොරව ICC දූශණ මර්ධන ඒකකයට පැමිණිලි කිරීමට අපොහොසත් වීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එලෙසම ප්‍රවීන් ජයවික්‍රම, තරඟ පාවාදීම සම්බන්ධව දූශීත ක්‍රියාවන් පැවැත්වීමේ ප්‍රවේශයට අදාළ පණිවිඩ මකා දමා ඇතිබවට ද වාර්තා වන අතර මේ සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 06 වනදා සිට දින 14 ක කාලයක් ද ඔහුට ලබාදී තිබුණා. කෙසේවෙතත් පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම තරඟ තහනම පනවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button