ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට..

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලියේ දැක්වූ විශිෂ්ට දක්ශතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ වීරයා බවට පත්වෙමින් කඩුලු 18 ක් බිඳදැමූ ප්‍රභාත් ජයසූරිය, එක් ස්තානයකින් ඉදිරියට පැමිණෙමින් නවතම ICC ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්තානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා. එලෙසම මංගල ටෙස්ට් තරඟයට ක්‍රිඩාකළ නිශාන් පීරීස් ද ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 59 වන ස්තානය හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

නිමාවූ ටෙස්ට් තරඟාවලියේදී ශතක දෙකක්ද සමඟින් විශිෂ්ට දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් තවදුරටත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 05 කින් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණෙමින් 11 වන ස්තානය හිමිකරගැනීමට සමත්වී තිබෙනවා.

නිමාවූ නවසීලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයේ ශතක වාර්තා කළ දිනේශ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ද ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණ තිබෙනවා. දිනේශ් චන්දිමාල් ස්තාන 06 කින් ඉදිරියට පැමිණෙමින් 20 වන ස්තානය හිමිකරගෙන තිබෙන අතර කුසල් මෙන්ඩිස් ස්තාන 08 කින් ඉදිරියට පැමිණෙමින් 43 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා. එලෙසම නිමාවූ ටෙස්ට් තරඟයේ දැක්වූ දස්කම් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද ස්තාන 04 කින් ඉදිරියට පැමිණ තිබෙන අතර ඔහු ටෙස්ට් පිතිකරුවන් අතර 23 වන ස්තානයේ පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button