2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ දේශීය විකාශන අයිතිය සිරසට.. -
News

2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ දේශීය විකාශන අයිතිය සිරසට..

2024 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් 03 එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ අතර ඒ අනුව තරඟාවලිය ඔක්තෝම්බර් 03 සිට ඔක්තෝම්බර් 20 වනදා දක්වා කණ්ඩායම් 10 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

තරඟාවලියේ A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්ත සහ පාකිස්තානය තරඟ වදින අතර B කාණ්ඩයෙන් බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරඟ වදිනවා.

තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබාගෙන තිබෙන අතර තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට TV1 නාලිකාව ඔස්සෙ නැරඹීමට හැකියාව පවතිනවා. එලෙසම sirasatv.lk වෙබ් අඩවිය හරහාද තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය Star Sports 1 සහ Star Sports 1 HD නාලිකා හරහා නැරඹීමට හැකියාව පවතිනවා.

එලෙසම ICC Women’s T20 World Cup Mobile Application එක හරහාද තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ මුහුණදෙන තරඟ සහ වේලාවන්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button