ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් 2025 SA20 ලීගයට.. -
LeagueSA20

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් 2025 SA20 ලීගයට..

2025 දකුණු අප්‍රිකා SA20 ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා පැවැත්වුණා. වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ලියාපදිංචි වී තිබුණත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළේ කමිඳු මෙන්ඩිස්ව පමණයි. කෙසේවෙතත් කිසිඳු කණ්ඩායමක් ඔහුවද මිලදී ගැනීමට කටයුතු කළේ නෑ.

කෙසේවෙතත් වෙන්දේසියෙන් දිනකට පසුව ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ ඔවුන්ගේ Wildcard ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි පන්දුයවන ක්‍රීඩක මතීශ පතිරණව සිය කණ්ඩායමට තෝරාගත් බවයි.

ගියවර SA20 ලීගයට ක්‍රීඩාකළ මහීශ් තීක්ශණව ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මෙවරත් රඳවාගත් අතර ගියවර MI කේප්ටවුන් කණ්ඩායමට ක්‍රීඩාකළ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුශාරවද එම කණ්ඩායම මෙවරත් රඳවාගත්තා. ඒ අනුව 2025 දකුණු අප්‍රිකා SA20 ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ක්‍රීඩාකිරීමට නියමිතයි.

2025 SA20 ලීගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

▪︎ Nuwan Thushara – MI Cape Town
▪︎ Maheesh Theekshana – Joburg Super Kings
▪︎ Matheesha Pathirana – Joburg Super Kings

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button