ප්‍රභල ක්‍රීඩකයෙකුට ස්තානය අහිමිවෙයි.. කොදෙව්වන්ට එරෙහිව වෙනස්කම් කිහිපයක්.. -
News

ප්‍රභල ක්‍රීඩකයෙකුට ස්තානය අහිමිවෙයි.. කොදෙව්වන්ට එරෙහිව වෙනස්කම් කිහිපයක්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බව Daily FT වාර්තා කරනවා.

ඒ අනුව කලකට පසුව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවීමට නියමිත බව Daily FT වෙබ් අඩවිය වාර්තා කරනවා. එලෙසම දීර්ඝ කාලයක් පුරාවට අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු නායක දසුන් ශානකට කොදෙව්වන්ට එරෙහි විස්ස්සයි විස්ස කණ්ඩායමේ ස්තානය අහිමි වන බව එම වෙබ් අඩවිය වාර්තා කරන අතර ඔහු වෙනුවට යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ හට කණ්ඩායමේ ස්තානය හිමිවීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධනම විස්සයි විස්ස වේගපන්දු යවන්නන් දෙදෙනා වන මතීශ පතිරණ සහ නුවන් තුශාර කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩාකිරීමට ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවෙනවාද යන්න එළඹෙන ඔක්තෝම්බර් 06 වනදා පැවැත්වෙන NSL තරඟාවලියේ අවසන් මහා තරඟය සහ ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වෙන පුහුණු තරඟයෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත බවද Daily FT වැඩිදුරටත් වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button