මම එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවට අපහාස කරන්න නෙමෙයි – ඒ.බී. ඩිවිලියර්ස් -
Conference

මම එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවට අපහාස කරන්න නෙමෙයි – ඒ.බී. ඩිවිලියර්ස්

වසර කිහිපයකට පෙර ” ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩාකිරීම Off-Season කාලයක් වනු ඇති ” බවට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩක ඒ.බී ඩිවිලියර්ස් සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත්කරමින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා. එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අගෞරවයක් සිදුකිරිමේ අරමුණෙන් සිදු නොකළ බව ඩිවිලියර්ස් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මම කිව්වා ශ්‍රී ලංකාවෙ සංචාරය කිරීම Off- Season එකක් වගේ කියලා. මම එය කිව්වෙ මීට අවුරුදු 05, 06 කට කලින්. මාව හැමෝම වැරදියට තේරුම් ගත්තේ. එයින් මන් අදහස් කළේ ශ්‍රී ලංකාවෙ සංචාරය කිරීමට මා කැමතියි කියලා. මම කැමතියි රටට, ශ්‍රී ලංකාවෙ මිනිස්සුන්ට, මුහුදු වෙරළවල්වලට.

මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගොඩක් ගරු කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ක්‍රීඩාකරන එක ” Off Season ” එකක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම සංගක්කාර, ජයවර්ධන, මුරලි ක්‍රීඩාකළ දවස්වල. ඔවුන්ට එරෙහිව ක්‍රීඩාකරන එක ගොඩ අමාරුයි.

යනුවෙන් ඩිවිලියර්ස් අදහස් පලකළා.

එලෙසම නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලද තරඟ 2-0 ක විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයටද ඩිවිලියර්ස්, සුභපැතුම් එක්කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button