ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය නොවැම්බර් 17 සිට මුම්බායිහිදී.. -
News

ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය නොවැම්බර් 17 සිට මුම්බායිහිදී..

2024 International Masters League තරඟාවලිය එළඹෙන නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා ඉන්දියාවේ මුම්බායි, ලක්නව් සහ රායිපූර් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර මාස්ටර් ලීග් තරඟාවලියට කණ්ඩායම් 06 ක් එක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.

2024 International Masters League තරඟාවලියට එක්වන කණ්ඩායම් සහ නායකයින්

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තය | ඔයින් මෝර්ගන්
🌴 බටහිර ඉන්දීය කොදෙව් | බ්‍රයන් ලාරා
🇮🇳 ඉන්දියාව | සචින් තෙන්දුල්කාර්
🇿🇦 දකුණු අප්‍රිකාව | ජැක් කාලිස්
🇱🇰 ශ්‍රී ලංකාව | කුමාර් සංගක්කාර
🇦🇺 ඕස්ට්‍රේලියාව | ශේන් වොට්සන්

තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය නොවැම්බර් 17 වනදා රාත්‍රී 7.30 p.m ට ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ කාලසටහන

  • SL vs IND | 17 Nov 7.30 P.M
  • SL vs ENG | 19 Nov 7.30 P.M
  • SL vs WI | 25 Nov 7.30 P.M
  • SL vs SA | 30 Nov 7.30 P.M
  • SL vs AUS | 02 Dec 7.30 P.M

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button