වෙනස්කම් කිහිපයක් සමඟින් කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්.. -
News

වෙනස්කම් කිහිපයක් සමඟින් කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නිළවශයෙන් නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරන අතර කලකට පසුව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ශව කණ්ඩායමට කැඳවා තිබෙන අතර දීර්ඝ කාලයක් පුරාවට විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථීර ස්තානයක් හිමිකරගෙන තිබු හිටපු නායක දසුන් ශානකට මෙම කණ්ඩායමේ ස්තානයක් හිමිවී නෑ. මීට අමතරව දිනේශ් චන්දිමාල්, කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්තානය හිමිවී තිබෙනවා.

කොදෙව්වන්ට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය

  • චරිත් අසලංක ( C )
  • පැතුම් නිශ්ශංක
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • කමිඳු මෙන්ඩිස්
  • දිනේශ් චන්දිමාල්
  • අවිශ්ක ප්‍රනාන්දු
  • භානුක රාජපක්ශ
  • වනිඳු හසරංග
  • මහීශ් තීක්ශණ
  • දුනිත් වෙල්ලාලගේ
  • ජෙෆ්රි වැන්ඩර්සේ
  • චමිඳු වික්‍රමසිංහ
  • මතීශ පතිරණ
  • නුවන් තුශාර
  • බිනුර ප්‍රනාන්දු
  • අසිත ප්‍රනාන්දු

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button